ජංගම දුරකතන ටොප් අප් කර ගැනීම ලොව පුරා පවතින දෙයකි

ක්‍රිප්ටෝ මගින් ජංගම දුරකතන ටොප් අප් කිරීමට සත්‍ය වශයෙන් ගෝලීය අවශ්‍යතාවක් ඇති බවට ඉලෙක්ට්‍රෝනියම් මගින් ඔප්පු කර ඇත. අපි දිගින් දිගටම, ඉක්මණින් ව්‍යාප්ත වීමේදී, පරිශීලකයින් හට දුරකතන කතා කාල සහ ඩේටා බොහෝ විට ලොව ඕනෑම ස්ථානයකින් මිලට ගැනීමට හැකියාව ලැබෙනු ඇත. අප්‍රිකාවේ, ආසියාවේ, යුරෝපයේ, උතුරු සහ දකුණු ඇමරිකාවේ රටවල් 140 කට වඩා වැඩි ගණනක දී ඔබට ඉලෙක්ට්‍රෝනියම් ඇප් මෘදුකාංගය හරහා ETN වියදම් කර දුරකතන කතා කාල සහ ඩේටා ටොප් අප් කර ගත හැක.

සෙල්කාර්ඩ් නම් දුරකතන ජාල හසුරුවන ආයතනය සමග ඍජු සබඳතා සහිතයි

සෙල්කාර්ඩ් යනු කාම්බෝජයේ දීර්ඝතම කාලයක් විදුලි සංදේශන සේවා සපයන ආයතනය වන අතර, පාරිභෝගිකයින් මිලියන 3 කින් පමණ සමන්විත වන එය එම රටේ 80%ක පමණ කලාපයක් ආවරණය කරයි. සම්මානලාභී, වෙළඳපොලේ බලවතෙකු වන සෙල්කාර්ඩ්, සිය පාරිභෝගිකයින්ගේ ජීවිත තාක්ෂණය මගින් වැඩි දියුණු කිරීමේ අටියෙන් නව අවස්ථා ගෙන එන අතර, එම මතවාදය ඉලෙක්ට්‍රෝනියම් සමගින් ද දැඩි ලෙස සම්බන්ධ වේ.

ඉලෙක්ට්‍රෝනියම් ඇප් මෘදුකාංගය හරහා දුරකතන කතා කාල සහ ඩේටා, ටොප් අප්ස් මගින් ලබා දීමට ඉලෙක්ට්‍රෝනියම් සහ සෙල්කාර්ඩ් මේ වන විට ඍජු සබඳතා පවත්වාගෙන යයි.