ක්ෂණික ගෙවීම් යනු මොනවාද?

මේ වන විට පවතින ගෙවීම් ආකාර වන මුදල්, කාඩ්පත් සහ ස්පර්ශ රහිත ගෙවීම් ක්‍රම ක්‍රියා කරන්නේ ක්ෂණිකව ගනුදෙනුවක් සිදු වන විටෙක පමණි. මෙමගින් ගැණුම්කරු භාණ්ඩ සමග නික්ම යාමට පෙර විකුණුම්කරු හට ගෙවීම ලැබෙන බවට සහතික වේ.

ක්‍රිප්ටෝකරන්සි යනු ඩිජිටල් ගෙවීම් ආකාර වල මීළඟ පරම්පරාව වුවත්, ගනුදෙනුවක් සාමාන්‍යයෙන් සිදු වන්නේ ඉතාමත් සෙමිනි. වඩාත්ම ප්‍රචලිත ක්‍රිප්ටෝකරන්සි ආකාරය වන බිට්කොයින් වුවත් තමන් වෙත ලැබීමට පැයක පමණ කාලයක් ගත විය හැක. නමුත්, අප සතුව විසඳුමක් ඇත. අප විසින් පේටන්ට් බලපත්‍රය ලැබීමට නියමිත, ක්ෂණික ගෙවීම් ක්‍රමයක් නිර්මාණය කර ඇත.

අපගේ ක්ෂණික ගෙවීම් API භාවිතයෙන්, අප විසින් ප්‍රවර්ධකයන් හට දැනට පවතින ePOS සහ eCommerce පද්ධති ඉලෙක්ට්‍රෝනියම් සමග අනුකලනය කිරීමට ඉතා පහසු කර ඇත. මෙය මගින් ජංගම අතථ්‍ය ජාල ක්‍රියාකරුවන් (MVNO) / ජංගම ජාල ක්‍රියාකරුවන් (MNO), ආයතනික සේවකයන් සහ වෙළඳුන් හට ඔවුන්ගේ නිෂ්පාදන සහ සේවා සඳහා ETN ගෙවීම් ක්‍රමයක් ලෙස පිළිගැනීමට ඉඩ සලසා ඇත.

තත්පර 60කින් ආරම්භ කරන්න

ඉලෙක්ට්‍රෝනියම් සමග කටයුතු ආරම්භ කිරීමට ඉතා පහසුය. සරලවම, ඇප් එක බාගත කරගෙන, ලියාපදිංචි වී, සත්‍යායනය සම්පූර්ණ කර ගන්න.

ඇතුල් වීමට ගත වන්නේ තත්පර 60 යි, ඔබ තවත් බලා සිටින්නේ කුමකටද?

ගූගල් ප්ලේ මගින් එය ලබා ගන්න ඇප් ස්ටෝර් හරහා බාගත කරන්න