ජංගම අතථ්‍ය ජාල ක්‍රියාකරුවන් (MVNO) / ජංගම ජාල ක්‍රියාකරුවන් (MNO) වෙත ලැබෙන ප්‍රතිලාභ

පාරිභෝගිකයන් රඳවා ගනිමින් අතිරේක ආදායම් ලබා ගැනීමේ නව ආකාර සොයා ගැනීම අපහසු විය හැකි බව තේරුම් ගැනීම අපට අපහසු නොවේ. අපගේ ජෛවපද්ධතියට පහත සඳහන් දෑ සිදු කළ හැකි බවට විශ්වාස කළ හැකි අප්‍රිකානු සහ ආසියානු ජංගම අතථ්‍ය ජාල ක්‍රියාකරුවන් (MVNO)රැසක් සමග අප දැනටමත් ක්‍රියා කිරීම අරඹා ඇත:

  • පාරිභෝගිකයින් ප්‍රතිග්‍රහණය, රඳවා තබා ගැනීම, සහ එක් පාරිභෝගිකයෙකුගෙන් ලබා ගන්නා සාමාන්‍ය ආදායම වැඩි කර ගැනීම
  • වෙළෙන්දාගේ සිට ක්‍රියාකරු දක්වා වියදම් අවම කිරීම​
  • ශුද්ධ ප්‍රවර්ධක ලකුණ (NPS​) වැඩි දියුණු කිරීම
  • සිරස් අලෙවිය වැඩි දියුණු කිරීම සහ නව ආදායම් මාර්ග ඇති කිරීම​
  • පාරිභෝගිකයින් හට ඔවුන්ගේ ඩේටා සහ දුරකතන කතා කාලයන් වෙනුවෙන් ඔබට සෘජුවම ගෙවීම් සිදු කළ හැකි වන ලෙස අප හට ඔබගේ ටොප් අප් පද්ධතිය සමග අනුකලනය විය හැකිය

ආයතනික සේවකයින් හට ප්‍රතිලාභ

නව ව්‍යාපාර වලට වර්ධනය වීමට අවස්ථා සලසමින්, බ්ලොක්චේන් තාක්ෂණය දැනට පවතින ව්‍යාපාරයන් වැඩි දියුණු කිරීම දැනටමත් ආරම්භ කර ඇත. අපගේ API මගින් වෙළඳසැල් වල සහ අන්තර්ජාලයේ සිටින සිල්ලර වෙළඳුන් හට ඉලෙක්ට්‍රෝනියම් සමග අනුකලනය වී ක්ෂණිකව ETN පිළිගැනීමට අවස්ථාව සලසා දෙයි. මෙය මගින් ඔබගේ ව්‍යාපාරයට පහත සඳහන් දෑ ද ඇතුළුව පහසුකම් රැසක් සලසා දෙයි:

  • අන්තර්ජාලය: ප්‍රථම වරට ගෝලීය ඩිජිටල් ආර්ථිකයට සම්බන්ධ වන ලෝකයේ මුළු ජන ප්‍රමාණයෙන් පහෙන් එකකට ප්‍රවේශය ලබා ගන්න
  • වෙළඳසැල: නව ETN පරිශීලකයින්ගෙන් සැදුම් ලත් වෙළඳපොළකින් වෙළඳසැල් වලට ඇතුළු වන ප්‍රමාණය වැඩි කර ගන්න

සිල්ලර වෙළඳුන් හට ලැබෙන ප්‍රතිලාභ

මිනිසුන් භාණ්ඩ මිලදී ගන්නා හා විකුණන ආකාරයෙහි අනුරූපිත වෙනසක් ලෙස සලකනු ලබන අපගේ ඩිජිටල් ගෙවීම් පරිසර පද්ධතිය ඔබේ ගනුදෙනුකරුවන්ට ඔබේ නිෂ්පාදන මිලදී ගැනීමට නව ක්‍රමයක් සපයයි. ETN පිළිගැනීමෙන්, ඔබ:

  • නව ඩිජිටල් මුදල් ඒකකයක් පිළිගැනීම මගින් ඔබ ඔබගේ ප්‍රජාවේ නායකයෙකු ලෙස සැලකෙනු ඇත
  • ඔබගේ ව්‍යාපාරය වෙත ETN සඳහා ප්‍රවේශය හිමි විශාල පරාසයක පාරිභෝගිකයන් ආකර්ශනය කර ගැනීම මගින් ඔබගේ ව්‍යාපාරයයෙන් භාණ්ඩ ගැනීම සඳහා පැමිණෙන පාරිභෝගිකයින් ප්‍රමාණය වැඩි වීම
  • වෙනත් කිසිදු කෙනෙකුට වඩා කලින් ETN පිළිගැනීමට ඉදිරිපත් වීම මගින් ඔබගේ පාරිභෝගිකයින්ගේ විශ්වාසය වැඩි කර ගැනීම
  • ඔබගේ වෙබ් අඩවිය හරහා ETN පිළිගැනීම මගින් ඔබගේ ව්‍යාපාරය වඩාත් පුළුල් ගෝලීය ප්‍රජාවකට විවෘත කිරීම
  • ETN ලබාගෙන සිටින මිලියන ගණනක් වන නව ගෝලීය ප්‍රේක්ෂකයන් ගණනකට ප්‍රවේශය ලබා ගැනීම
  • ETN ඒජන්තවරයෙකු වීමට අවස්ථාව ලබා ගැනීම මගින් ඔබගේ ආදායම් මාර්ග වැඩි දියුණු කර ගැනීම
  • Enable customers around the world to find your business with a listing on ETNEverywhere.com

ETN පිළිගන්න

ජනතාව සඳහා ඇති ප්‍රතිලාභ

ඉලෙක්ට්‍රෝනියම් (ETN) යනු වෙළඳසැලකට ගොස් හෝ අන්තර්ජාලය හරහා තම එදිනෙදා ජීවිතයට අවශ්‍ය දෑ මිල දී ගැනීමට මිනිසුන් හට භාවිතා කළ හැකි ඩිජිටල් මුදල් ඒකකයකි. ඔවුන් හට විවිධ ඩිජිටල් හැකියාවන් ඉගෙනුමෙන් සහ විකිණීමෙන් ද ETN ලබා ගත හැකිය. ප්‍රයිස් වෝටර්හවුස් කූපර්ස් ආයතනය පුරෝකථනය කරන අයුරින්, මිලියන 350ක් පමණ වන බැංකු ගිණුම් රහිත ස්මාර්ට් ජංගම දුරකතන හිමියන්ගේ වෙළඳපොළ ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 3ක් පමණ වේ (2017 ගෝලීය ෆින්ටෙක් වාර්තාව).

  • ඔබගේ ජංගම දුරකතනයට ඩේටා සහ කතා කාලයන් ටොප් අප් කිරීම
  • නව ඩිජිටල් හැකියාවන් ඉගෙනුමට අන්තර්ජාල ඉගෙනුම් ක්‍රම වලට ප්‍රවේශය ලබා ගැනීම සහ ඒ සඳහා ගෙවීම් සිදු කිරීම
  • ගෝලීය ඩිජිටල් වෙළඳපොළකට අළුතින් ලබා ගත් ඩිජිටල් හැකියාවන් මගින් විවිධ විකිණුම් සිදු කිරීම
  • ළඟම ඇති වෙළඳසැලෙන් පාන් සහ කිරි ආදිය ගැනීමට යාම
  • වෙළඳපොළට යාමට බසයක් උපයෝගී කර ගැනීම
  • විවිධ පහසුකම් සඳහා වන බිල්පත් සඳහා ගෙවීම් සිදු කිරීම
  • ඔබගේ ප්‍රියතම පාපන්දු කණ්ඩායම ක්‍රීඩා කරන තරඟ නැරඹීම සඳහා ටිකට්පත් ලබා ගැනීම
  • සාමාන්‍යයෙන් ලබා ගත නොහැකි ඩිජිටල් භාණ්ඩ සඳහා අන්තර්ජාලය හරහා ගෙවීම් සිදු කිරීම (උදා. වීඩියෝ ක්‍රීඩාවන්හි ක්ෂුද්‍ර ගනුදෙනු)

ඇපල් පේTM සහ ගූගල් පේTM ක්‍රියා කරන ආකාරයටම, තවත් පුද්ගලයෙකුට හෝ ව්‍යාපාරයකට ඩිජිටල් ගෙවීමක් සිදු කළ හැකි මෙවලමක් ලෙස මෙම ඉලෙක්ට්‍රෝනියම් ජංගම දුරකතන ඇප් මෘදුකාංගය ක්‍රියා කරයි.

ඇප් එක පිළිබඳව තව දුරටත් දැනගන්න