වඩාත් ආරක්‍ෂිත බ්ලොක්චේනයක්

2019 වසරේදී, අපගේ ජාලය ලොව වඩාත්ම ආරක්ෂිතම ක්‍රිප්ටෝකරන්සි ආකාර වලින් එකක් බවට පත්ව ඇති බවට අප විසින් නිවේදනය කරන ලදී. ETN, වර්තමානයේ ඇති බොහෝ ක්‍රිප්ටෝකරන්සි වලට පවතින ප්‍රධාන ගැටළුවක් වන 51% පහරදීමට ලක් වීමට තව දුරටත් නැඹුරුතාවයක් නොදක්වයි.

මෙය ඉටුකරගනු ලැබුවේ නියාමන ස්ථරයක් ඇතුලත් කරනු ලැබූ විප්ලවීය බ්ලොක්චේන් යාවත්කාලීන කිරීමක් මගින් වන අතර, එය සාමාන්‍යයෙන් ජාලය මෘදු ලෙස ක්‍රියාත්මක වන විට නිද්‍රෝපගත ව සිටින නමුත්, පහරදීමක් සිදු වන විට දී එම පහර දීම සිදු වන්නේ කොහේ සිට ද යන්න තීරණය කර එම පහර දෙන්නන් වළකාලනු ලබයි.

එමෙන්ම, වලංගුකරුවන් (පතල් කරුවන්) හට තව දුරටත් දිගින් දිගට බ්ලොක් කැණීම සිදු කළ නොහැකි අතර, එය තවත් ආරක්ෂක වැඩි දියුණු කිරීමකි.

වඩාත් වගකීම් සහගත බ්ලොක්චේනයක්

ඉලෙක්ට්‍රෝනියම් යනු රාජ්‍ය නොවන සංවිධාන (NGOs) මගින් සිය ජාලය හසුරවනු ලබන ලොව එකම ක්‍රිප්ටෝකරන්සි ආකාරයයි. NGO විසින් වලංගුකාරක නෝඩ ක්‍රියා කරවනු ලබන අතර බ්ලොක්චේනය පවත්වා ගැනීම වෙනුවෙන් බ්ලොක් පාරිතෝෂික ලබා ගනී. මෙම නව ප්‍රොටෝකෝලය අප විසින් Proof Of Responsibility (PoR) ලෙස හඳුන්වනු ලබයි.

PoR දියත් කිරීමට පෙර අප විසින්, දියුණු වෙමින් පවතින රටවල බොහෝ අනතුරුදායක ප්‍රදේශ වල ජීවත් වන පුද්ගලයින් හට උපකාර කර ඇති බවට නිශ්චිත තොරතුරු ඇති NGO කිහිපයක් තෝරා ගන්නා ලදී. මෙම NGO දැන් ඔවුන් වෙත ලැබෙන ETN Block Rewards ඔවුන්ගේ සමාජ සත්කාර ඇරඹුම් වැඩි දියුණු කිරීමට යොදවනු ලබන අතර, එමගින් පවුල් වලට දිළිඳුකමේ චක්‍රය බිඳ දමා වඩාත් සෞභාග්‍යමත් අනාගතයක් සාදා ගැනීම උපකාරී වේ.

හරිතමය බ්ලොක්චේනයක්

පෲෆ් ඔෆ් වර්ක් යන්න ඉවත් කර ඇති නිසා, සියළුම ක්‍රිප්ටෝකරන්සි වර්ග අතුරින් වඩාත්ම හරිත සංකල්පය අනුගමනය කරන බ්ලොක්චේනය වන්නේ අපගේ බ්ලොක්චේනයයි. දිනපතා ගනුදෙනු දස දහස් ගණනක් සැකසීම සිදු වුවත්, අපගේ ජාලයේ ශක්ති පරිභෝජනය විදුලි බල්බ කිහිපයක ශක්ති පරිභෝජනය හා සමානය. මෙය වර්තමානයේ පවතින බොහෝ බ්ලොක්චේන වලින් වෙනස් වන අතර, වර්තමානයේ පවතින් එක්තරා ප්‍රමුඛ පෙලේ බ්ලොක්චේනයක් ස්විට්සර්ලන්තයටත් වඩා වැඩියෙන් ශක්ති පරිභෝජනය සිදු කරයි!! මෙම දියුණු භාවය ලොව පුරා පවතින් අනෙකුත් බ්ලොක්චේන වලට නව ප්‍රමිතියක් ඇති කරයි.

බ්ලොක්චේන් හි සහ-නිර්මාතෘ

අපගේ අපගේ නියාමනය කරන ලද බ්ලොක්චේනය දියත් කළ පසු, බ්ලොක්චේනයේ සහ-නිර්මාතෘ ලෙස සැලකෙන ආචාර්ය. ස්කොට් ස්ටෝනෙටා සමග අප පිළිසඳරක යෙදුනෙමු. 1991 වසරේ සිට ඔහු විසින් සිදු කරන ලද පර්යේෂණයන් මුල්ම බිට්කොයින් මාර්ගෝපදේශකයේ පවා ඇතුලත් විය. ඔහු අපගේ ඇරඹුම් සහ අපගේ වගකීම් සහගත බ්ලොක්චේන් හැසිරවීම ද අගය කළේය.

මෙම සම්මුඛ සාකච්ඡාවෙන්, දියුණු වෙමින් පවතින ප්‍රදේශ වල සිටින පුද්ගලයින් හට අළුත් හැකියාවන් ඉගෙනගෙන නව ආදායම් මාර්ග ඇති කර ගැනීමට මග පෙන්වීම සහ ඉඩ කඩ ලබා දීමේ අපගේ ප්‍රවේශය ද ඇතුලුව, බ්ලොක්චේන් වල අනාගතය පිළිබඳව ඔහුගේ දැක්මේ සිට ඉලෙක්ට්‍රෝනියම් ව්‍යාපෘතිය පිළිබඳ ඔහුගේ මතය පිළිබඳව ද සාකච්ඡා කෙරේ.

සම්මුඛ සාකච්ඡාව කියවන්න

අපගේ බ්ලොක්චේනය ක්‍රියා කරන ආකාරය බලන්න

අපගේ නියාමනය කරන ලද බ්ලොක්චේනයේ ප්‍රතිලාභ සහ එය ක්‍රියා කරන ආකාරය ඉස්මතු කෙරෙන පහත වීඩියෝව අපගේ ඉලෙක්ට්‍රෝනියම් ප්‍රජාවේ සාමාජිකයෙක් විසින් ලබා දී ඇත. අපගේ බ්ලොක්චේනය පිළිබඳව තාක්‍ෂණික පැතිකඩ පිළිබඳව ඉගෙනීමට ඔබට අවශ්‍ය නම්, ඉදිරියට ගොස් පහත වීඩියෝව බලන්න.